අද (16) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 68 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වෙයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසා සිටියේ අද සවස 5.00 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවු බවයි.



