නිලවේලි පොලිස් වසමේ මස්ජිත් වීදිය, වේලුර් ප්‍රදේශයේ දී නිලාවේලි පොලිස් නිලධාරීන් විසින් විදේශ ගමන් බලපත්‍ර හා වීසා නොමැතිව සිටි ඉන්දීය ජාතිකයෙක් ඊයේ (16) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 57 ක ඉන්දීය ජාතිකයෙක් බව පොලීසිය පවසයි.
සැකකරු ඊයේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව අප්‍රේල් 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.



