දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු , ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇතැම් ස්ථානවලට විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් මන්නාරම හා වව්නියාව දිස්ත්‍රික්කවලත් මිලි මීටර් 75 වැඩි තරමක් තද වැසි ඇති වෙයි.
ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තද සුළං ඇති වෙයි.
සබරගමුව හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.



