තෙල්දෙණිය පොලිස් වසමේ මහනුවර පදියතලාව මාර්ගයේ මැදගම්මැද්ද ප්‍රදේශයේ දී දිගන දෙසට ධාවනය වු ලොරියක එම දිශාවට ධාවනය වු යතුරු පැදියක ගැටී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඊයේ (17) උදෑසන අනතුරක් සිදුව තිබේ.
අනතුරින් යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මිය ගිය පුද්ගලයා අවුරුදු 65 ක් වු වේරපිටිය පාර, කරලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ සහ ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



