කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහල ගොස් තිබේ.
ඒ අද (18) පෙරවරු 10.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ හදුනාගත් නව ආසාදිතයින් 06 දෙනා එම දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වීම හේතුවෙන්.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 45 දෙනෙකු හදුනාගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05 දෙනෙකු ලෙස කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වී ඇත.
කුරුණෑගල, මාතර, කල්මුනේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් දෙදෙනෙකු බැගින් සහ ගාල්ල, මඩකලපුව, බදුල්ල සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වලින් එක් ආසාදිතයෙකු බැගින් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.



