ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු අවස්ථාවේ යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ මංකොල්ලකෑම් සිදුකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය, චාවකච්චේරි පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ වැඩිහිටියන් දෙදෙනෙකු ජිවත්වු නිවසකට ඇතුළුවි අදාළ වැඩිහිටියන්ට පහරදි නිවසේ තිබූ රන් භාණ්ඩ හා මුදල් මංකොල්ලකෑමක් සිදුකළ සිදුවීමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකදී අදාළ සැකකරුවන් ඊයේ (18) අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරුවන් අතර වයස අවුරුදු 25ක් වන කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිටින අතර, සැකකරුවන් සොරාගත් රන් පවුම් නමයක්ද සොයාගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් විවිධ උකස් මධ්‍යස්ථාන වෙත උකස් කළ රන් පවුල් 16 කට අයත් රිසිට්පත් කිහිපයක්ද සැකකරුවන් සතුව තිබි සොයාගත් බවද පොලීසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශයන්ගේ රන් භාණ්ඩ සොරා ගැනීම් කිහිපයක් වෙනුවෙන් සම්බන්ධ වි ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් චාවකච්චේරි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



