වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 06 දෙනා ජාඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් පසුගියදා හදුනාගත් ආසාදිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔවුන් 06 දෙනාම කොටහේන, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව යුධ හමුදාපතිවරයා පැවසීය.
සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා විවිධ ප්‍රදේශවල සැරිසරා ඇති බවට තොරතුරු ලැබීම හේතුවෙන් ඒ පිළිබඳ ආරක්ෂක අංශ විමර්ශන සිදු කර තිබුණි.
එම විමර්ශනවලදී හදුනාගත් පුද්ගලයින් වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරිමට පියවර ගෙන තිබූ අතර ඉන් 06 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ රාත්‍රියේ තහවුරු වි ඇත.
කිසියම් ප්‍රදේශයකින් ආසාදිතයෙකු හදුනා ගැනිමෙන් පසු එම පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වල මැදිහත්විමෙන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිමට පියවර ගන්නා බව ද ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.



