බොරැල්ලේ දී හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

Share

බොරැල්ල පොලිස් වසමේ, ටී-20 වත්තේදී හෙරොයින් ග්‍රෑම් 302ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (19) රාත්‍රී 10.15ට පමණ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 50ක් වු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

අදාළ සැකකාරිය අද (20) මාලිගානක්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News