පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන හෙට (21) දිනයේ ඉන් දිවිපිදූවන් සිහිපත් කරමින් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම වත්පිලිවෙත්වල නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි.
පසුගිය වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී හෙට දිනට වසරක් සපිරෙයි.
එම ප්‍රහාරයෙන් දිවි පිදූ සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින් හෙට උදෑසන 8.40ට සෑම කතෝලික නිවසකම පහනක් දල්වන ලෙස සහ සියලු කතෝලික දේවස්ථානවල ඝන්ඨාරය නාද කරන ලෙස අගරදගුරු හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් සිදුකළේය.
මේ අතර පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් බෞද්ධ සම්ප්‍රදායානුකූලව වත් පිළිවෙත්වල නිරත වන ලෙස මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියන් අද බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටියාය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අද පස්වරුවේ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සියලුදෙනා තම තමන්ගේ ආගමානුකූලව සිහිපත් කරන ලෙස තමා සමස්ථ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.



