අඟුණුකොලපැලැස්ස ජඳුර ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවැසීය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු අගුණුකොලපැලැස්ස රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අගුණුකොලපැලැස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



