කැබ් රථයකින් හක් බෙල්ලන් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු කොටුව ගාලුමුවදොර මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
එහිදි හක්බෙල්ලන් 172ක් පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් වත්තල, උස්වැටකෙයියාව, බුත්තල යන ප්රදේශවල පදිංචිකරුවන් වෙයි.
ඔවුන් අද කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



