මෙරට ‌කොරෝනා ‌රෝගීන් ගණන 309ක් දක්වා ඉහළට

Share

අද (21) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 309 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මෙම පුද්ගලයින් පස් දෙනා ද කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

අද වන විට පුද්ගලයින් 209 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර සම්පූර්ණ සුවය ලැබු ගණන 98ක්.

පුද්ගලයින් 7 දෙනෙක් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read more

Local News