ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 ඉක්මවා ගොස් තිබේ.
අද (22) උදෑසන වන විට ආසාදිතයින් 25න් ලක්ෂ 56,421 දෙනෙකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව හය ලක්ෂ 90,102ක් වෙයි.
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් එක් ලක්ෂ 77,439දෙනෙකු මියගොස් තිබේ.
මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් වැඩිම ආසාදිතයන් හා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි.
ගතවු පැය 24 තුළ එරටින් කොවිඩ් මරණ 2802ක් සිදුව ඇති බව වාර්තා වේ.
මේ වන විට අමෙරිකාවේ පුද්ගලයන් අට ලක්ෂ 19,805 දෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 45,316ක් වෙයි.




