කාලගුණයෙන් වෙරළ බඩ මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමක්

Share

බේරුවල සිට ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.

 

ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් ස්ථාන සඳහා තද වැසි හා තද සුළං ඇති විය හැකියි.

සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ක් පමණ විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද කාලගුණ අංශ දැනුම් දෙයි.

Read more

Local News