මිරිහානේගම ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කරයි

Share

කොබෙයිගනේ, මිරිහානේගම ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

 

එම කාන්තාව ඇය පදිංචිව සිටි නිවස ඉදිරිපිට තුවාල සහිතව වැටී සිටිය දී ප්‍රදේශවාසීන් විසින් නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවේය.

එහිදී අදාල කාන්තාව මියගොස් ඇති අතර ඇය නිවසේ තනිව ජීවත්ව සිට තිබේ.

මියගොස් ඇත්තේ මිරිහානේගම, බමුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක් බව ‌පොලිසිය පවසයි.

ඝාතනය සිදුකළ පාර්ශව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳ කොබෙයිගනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News