මැග්නිෆිකා නෞකාවෙන් ‌මෙරටට පැමිණි ලාංකිකයා නිරෝධායනයෙන් පසු නිවසට

Share

එම්.එස්.සී මැග්නිෆිකා නෞකාවේ රැඳී සිටිය දී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් ශ්‍රී ලාංකික සූපවේදී අනුර හේරත් මහතා නිරෝධායනයෙන් පසු පිටත්ව ගොස් තිබේ.

 

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන එම නෞකාවේ සේවය කළ එකම ශ්‍රී ලාංකිකයා වූ ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් ජනාධිපතිවරයා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස අදාල බලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව පසුගිය 6 වනදා ඔහු ගොඩබිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව පියවර ගත් අතර පසුව නිරෝධායන කටයුතු සඳහා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබුණි.

පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකය පිරිනමා ඔහු ඊයේ (21) දිනයේ සිය නිවස වෙත පිටත් කර හැරීමට පියවර ගත් බව නාවික හමුදාව පැවසුවේය.

Read more

Local News