වාකරේ පොලිස් වසමේ මඩකලපුව ත්‍රීකුණාමලය මාර්ගයේ කායන්කේනි 43 වන සැතපුම් කණුව අසලදී ඊයේ(21) සිදුවු රිය අනතුරින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මඩකලපුව දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව තිබේ.
අනතුරින් යතුරු පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසු පැදිකරු මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 ක් වු ඉරාල්ඔඩේ, මාන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබේ.



