අම්පාර, උහන පොලිස් බල ප්‍රදේශයේ මහකන්ඩිය ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උහන පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර ඇති බව වාර්තා වේ.
අදාළ ගිනඅවිය සමග බෝර 12 ජීව උණ්ඩ 04ක්, බොර 12 පතොරම් කොපුවලට පුරවන ලද පතොරම් 04 ක්, බොර 12 හිස් පතොරම් කොපු 7ක් සහ ටී 56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 443ක් සොයා ගැනීමට පොලීසිය සමත්වි තිබේ.
මෙම සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවෙන අතර අද (23) දින අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන උහන පොලීසිය විසින් සිදු කරයි.



