පොළොන්නරුව අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11ක පුද්ගලයින් 43ක් නිරෝධායනයට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හදුනාගැනීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

 

මීට අමතරව එම පුද්ගලයා වාසය කළ පොළොන්නරුව අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (22) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 20 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර තවත් 07 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්ය.

මීට අමතරව පොළොන්නරුව ප්‍රදේශයෙන් ආසාදිතයෙකු සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රැදි සිටින ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද මෙම ආසාදිතයින් අතර වෙයි.

Read more

Local News