ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලක්ෂ 26 ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත සංඛ්‍යාව විසි හය ලක්ෂය ඉක්මවා තිබේ.

 

ඒ අනුව මේ වන විට ආසාදිතයින් විසිහය ලක්ෂ 35,131 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 84,041ක්.

වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව වාර්තා වන අමෙරිකාව ගත වු පැය 24 තුළ තවත් මරණ 2341ක් සහ නව ආසාදිතයින් 30,000කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය දීර්ඝ කාලයක් පවතිනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read more

Local News