පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙනු ලබන නිදහස් තැපැල් පහසුකම් දෙගුණයකින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී අැත.
ඊයේ (17) පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම මාධ්‍ය කැබිනට් ප්‍රකාශක අැමති ගයන්ත කරුණාතිලක මේ බව පැවසීය.
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සදහා වර්තමානයේ ලබා දෙන රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක (175,000) වාර්ෂික නිදහස් තැපැල් පහසුකම රුපියල් තුන්ලක්ෂ පනස්දහස (350,000) දක්වා ඉහළ නැංවීමටත්, පළාත්සභා මන්ත්‍රීවරුන් සඳහා වර්තමානයේ ලබා දෙනු ලබන රුපියල් විසිහතරදහසක (24,000)ක වාර්ෂික නිදහස් තැපැල් පහසුකම රුපියල් හතළිස් අටදහසක් (48,000)ක් දක්වා ඉහළ නැංවීමටත් ඉදිරිපත් වු යොජනාවට අැමති මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.