ඉන්ධන පිරවුම්හලක පොම්ප සියල්ලටම සීල්

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ කොළඹ රාජගිරිය – නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලටම සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (18) පියවර ගත් බවයි.

ඉන්ධනහල්වල පොම්ප යොදා ගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීම නීතිවිරෝධී ක්‍රියාවක් බවත් එම වරද ඉන්ධන පිරවුම්හලේ ඊයේ දින සිදු කෙරුණු බව විශේෂ හදිසි වැටලීම් ඒකකය විසින් අනාවරණය කර ගෙන තිබෙන බව නිවේදනයේ සඳහන් වෙයි.

එම භූමිතෙල් තොගය කර්මාන්ත ශාලාවක් වෙත හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් කර තිබෙන්නට ඇතැයිද විමර්ශන නිලධාරීන් සැක පහළ කරයි. ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් වන තුරු ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල්තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටලීම් ඒකකය පියවර ගෙන තිබේ.

Exit mobile version