වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලිවැව මහආරගම ප්‍රදේශයේ දී අද (24) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
වෙඩි තැබීමේන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් වන ආර්.එම් රංජිත් පියසිරි නැමැති පුද්ගලයෙකු බව කුඩාඔය පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුඩාඔය පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.



