නිතී විරෝධීව මත්පැන් අලෙවි කළ 2ක් අත්අඩංගුවට

Share

අවිස්සාවේල්ල නගරයේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැඩිමිලට මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව අවිස්සාවේල්ල කොට්ඨාස බුද්ධි අංශය විසින් සිදු කළ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

එහිදී දේශීය මත්පැන් බෝතල් 66ක් සහ විදෙස් මත්පැන් බෝතල් 40ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මේ අතර රත්නපුර පිංකෙන්දවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් රත්නපුර සුරාබදු කාර්යාලය හා ඇඹිලිපිටිය සුරාබදු කාර්යාලය එක්ව වැටලීමක් සිදු කළේය.

එහිදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රුපියල් ලක්ෂ 12ක් වටිනා නීති විරෝධී මත්පැන් හා ගෝඩා තොගයක් නිගධාරීන් භාරයට ගැණුනි.

Read more

Local News