යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට

Share

ගලේවෙල පොලිස් වසමේ අඹේපුස්ස-ත්‍රිකුණාමලය මාර්ගයේ ඉබ්බන්කටුව පැල්පත් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් එක් අයෙක් මිය ගොස් තිබේ.

 

දඹුල්ල දෙස සිට ගලේවෙල දෙසට ධාවනය වු යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වු ප්‍රයිමුවර් වර්ගයේ ලොරි රථයකට ඉස්සර කිරීමේ දී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් මාර්ගයේ ඇඳ වැටී ඇති ගලේවෙල දෙසට ධාවනය වු යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී පසු පැදිකරු මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වු ඉරාල්ඔඩේ, මාන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News