ගිනි අවි සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ගිනි අවි සමඟ පුද්ගලයෙකු බිබිල, හපුකොටේලන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

බිබිල පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී බෙහෙත් කොටන තුවක්කු 07ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

සැකකරු 63 හැවිරිදි  දියකොබල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අත්අඩංගුවට ගත් සැකකරු අද බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර බිබිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News