ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් පනස් දෙදෙනෙකු මෙරටින් වාර්තා වෙයි.
එම සංඛ්‍යාව දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව සමස්ථ වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය පැය 24 තුළ වාර්තා වූ රෝගීන් පනස් දෙදෙනාගෙන් එකොලොස් දෙනෙකු බණ්ඩාරනායක මාවතේ පදිංචි නිරෝධායනයට වෙමින් සිටි පුද්ගලයින් වන අතර තවත් තිස්දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයින්.
එමෙන්ම නිවාඩු ලබාගොස් සිටින නාවික හමුදා නාවිකයින් පස් දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණි.
එමෙන්ම දරු ප්‍රසූතිය සඳහා කොළඹ ද සොයිසා රෝහලට ඇතුළත් වූ කාන්තාවකට ද වෛරසය ආසාදන වී ඇති බව ඊයේ තහවුරු වුණි.
මෙරට 416 වැනි කොවිඩ් නයින්ටීන් ආසාදිතයි ලෙස වාර්තා වන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්.



