කොවිඩ්-19 අධි අවදානම් ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක වල සේවා කටයුතු එළඹෙන 27 වනදා සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, කෑගල්ල හා අම්පාර යන දිස්ත්‍රික්ක වල කාර්යාල විවෘත නොකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
විවෘත කෙරෙන දිස්ත්‍රික්කවල කාර්යාල පවත්වාගෙන යාමේදී රජය විසින් නිකුත් කර ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද දෙපාර්තමේන්තු සේවකයින් මෙන්ම ජනතාව ද පිළිපැදිය යුතු බව ද ඔවුන් සඳහන් කළේය.
ඒ අනුව අවම සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනිමට කාර්යාල ප්‍රධානීන් පියවර ගත යුතු අතර සියලු සේවාවන් ලබා ගැනිම සදහා මහජනතාව කලින් දිනයක් හා වෙන් කර ගැනිම අත්‍යාවශ්‍ය වෙයි.
සතියේ දිනවල උදෑසන 09.00 සිට පස්වරු 04.00 දක්වා කාර්යාල ඇමතීමෙන් දිනයන් සහ වේලාවන් ලබාගත හැකි වෙයි.
මෙම කාල වේලාවන් වෙන් කර ගැනිම අන්තර්ජාලය හා ජංගම දුරකතන මඟින් ද ලබා ගත හැකි ක්‍රමවේදයන් ඉදිරියේදී හඳුන්වා දෙන බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් පාලනය කර ඇති බැවින් දිස්ත්‍රික්ක කාර්යාලයෙන් ලබා දෙන සේවාව දිස්ත්‍රික්කයේ පදිංචි සේවා ලාභින්ට පමණක් හිමිවෙයි.



