අනුරාධපුර, ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පෞද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට ඔහුගේ බිරිඳගේ සහෝදරයා විසින් උදැල්ලකින් පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.
පහරදීමෙන් බරපතළ තුවාල ලැබු 46 හැවිරිදි එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අනුරාධපුරය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



