පාදුක්ක පෝරේ ගෙදර ප්රදේශයේ ලී ගබඩාවක අද (26) අළුයම 5.30 පමණ ගින්න ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
ගින්න හේතුවෙන් ලී ගබඩාව සම්පුර්ණයෙන් දැවි විනාශ වි ඇති බවයි වාර්තා වන්නේ.
හොරණ නගර සභාවේ ගිණිනිවිමේ ඒකකයේ නිලධාරින් පැමිණ ගින්න පාලනය කරන විටත් අදාල හානිය සිදුව ඇත.
අදාල ගින්නට හේතුව හෝ ගින්නෙන් සිදුවු පාඩුව මෙතෙක් තාහවුරු කරගෙන නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පාදුක්ක පොලිසිය විසින් සිදු කරයි.



