හෙට සිට නීතිපති දෙපාර්තමේන්තුව යළි විවෘතයි

Share

තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුව හෙට (27) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

 

නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදානය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමඟ තාවකාලිකව වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අනුමැතිය හිමිව ඇත.

ඒ අනුව හෙට සිට නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි.

Read more

Local News