වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සුනිල් බණ්ඩාර නැමැති ලුතිනන් කමාන්ඩර්වරයෙක් මියගොස් ඇත.
ඒ කොළඹ නාවික මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදීයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන නාවික හමුදාව සඳහන් කරන්නේ, අදාළ නිලධාරියා මියගොස් ඇත්තේ මී උණ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් බවයි.
එම නාවික නිලධාරියා 35 හැවිරිදි ගලෙන්බිදුණු වැව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ නාවික නිලධාරියාගේ ආදාහන කටයුතු වැලිසරදී සිදුකෙරුණේ, කොවිඩ් නයින්ටීන් ආසාදනය වී මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකෙරෙන ආකාරයෙන්.



