A/L සඳහා සුදුසුකම් ලැබු සිසුන් ප්‍රතිශතය සියයට 73 ඉක්මවයි

Share

2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ‍අද(27) සවස නිකුත් කෙරිණි.

 

ඒ අනුව විභාගයෙහි පෙනී සිටි අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල අනුව සකස් කරන ලද සංඛ්‍යා ලේඛන තොරතුරු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව විභාගයට අයඳුම් කළ මුළු අයඳුම්කරුවන් ගණන 717,246 ක් වෙයි.

විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 556,256 ක් වන අතර ඉන් උසස් පෙළ සඳහා සුදුසුකම් ලත් ප්‍රතිශතය සියයට 73.84 ක් බවද විභාග කොමසාරිස් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

ගණිතය සමත් ප්‍රතිශතය සියයට 66.82 ක් වන බවද විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

මේ අතර A සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් ගණන 10,346 ක් වෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989කදී පැවැත් විය.

විභාගයට පෙනී සිටි පාසල් අයඳුම්කරුවන් ගණන 433,189ක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් ගණන 284,057කි.

විභාගයේ ප්‍රතිඵල ‍විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.results.exam.gov.lk යන වෙබ් අඩවිවලට පිවිස අයඳුම්කරු‍ගේ නිවැරදි විභාග අංකය ලබා දීමෙන් භාගත හැකියි.

ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මඟින් විමසීම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනය කරයි.

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාලාව – 0112 78 42 08 / 0112 78 45 37 / 0113 18 83 50 / 0113 14 03 14

ක්ෂණික ඇමතුම් ඒකකය                     – 1911

Read more

Local News