දිස්ත්‍රික්ක 21ට තාවකාලිකව ඉවත් කළ ඇඳිරි නීතිය යළිත් රාත්‍රී 8ට

Share

දිස්ත්‍රික්ක 21ක් සඳහා දැනට පනවා ඇති ඇඳිරි නීතිය අද (29) අළුයම 5.00ට තාවකාලිකව ඉවත් කෙරුණි.

 

එය රාත්‍රී 08.00ට යළි පැනවීමට නියමිතයි.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම් කළාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය එළැඹෙන මැයි මස 4 වනදා දක්වා බලපැවැත්වේ.

මේ අතර වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් වසා දමා තිබූ පිටකොටුව මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු අද පෙරවරුවේ යළි ආරම්භ කෙරුණි.

Read more

Local News