මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 630 දක්වා ඉහළගොස් තිබේ.
මෙරට මුළු ආසාදිතයන්ගෙන් තුනෙන් එකක්ම වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සෙබළුන් වෙයි.
මෙරටදී ආසාදනය වූ පළමු කොවිඩ් නයින්ටීන් ආසාදිතයා හඳුනාගත් මාර්තු 11 වැනිදා සිට ගෙවුණු සති 7 ක කාලය තුළ වැඩිම ආසාදිතයින් ගණනක් වර්තා වුණේ ගෙවුණු සතිය තුළදීයි.



