බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 07 දෙනෙකු ඊයේ (29) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.
මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම PCR පරීක්ෂණයකට භාජනය කිරීමට කටයුතු කරන ලදි.
ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා දෙනු ලබන සහතික ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් ලබා දී තිබේ.
තවද, මේ වන විට පුද්ගලයින් 96 දෙනෙකු කණ්ඩායම් 14ක් වශයෙන් නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙහි ශ්‍රී ලාංකික පුද්ගලයින් 54 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.



