දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Share

එළඹෙන මැයි 4 වැනිදා සිට අත්‍යවශ්‍ය සේවාවලට පැමිණෙන සේවකයන් සඳහා දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරුණ ද එම සේවා සැලසෙන්නේ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් නිර්දේශ කර ඉල්ලුම්කර ඇති සේවකයින් සඳහා පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

එලෙස ගමන් වාර වෙන් කර නොගත් මගීන් එදිනට දුම්රිය ස්ථානයට පැමිණීමෙන් වළකින ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම මැයි 11 වැනිදා සිට 15 වනදා දක්වා සතිය සඳහා ගමන් වාර වෙන්කිරීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කෙරෙනු ඇති.

දුම්රිය ගමන් වාර වෙන් කරගැනීම පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුව අද මාධ්‍ය වෙත දැනුම්දීමක් සිදු කළේය.

එහි සඳහන් වන්නේ එළඹෙන මැයි 4 වැනිදා සිට අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්ය මණ්ඩල සඳහා  සියලු දුම්රිය මාර්ගවල ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන බවයි.

නමුත් දුම්රියේ ගමන් කළ හැක්කේ අදාළ ආයතන ප්‍රධානීන් නිර්දේශ කර ඉල්ලුම් කර ඇති නාම ලේඛන වල සඳහන් සේවකයන්ට පමණක් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මැයි 11 වැනිදා සිට 15 වනදා දක්වා වන සතියේ දුම්රිය ගමන් වාර වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කෙරෙන බැවින් www.railway.gov.lk වෙබ් අඩවිය හරහාගමන්වාර වෙන්කර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read more

Local News