බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නිතිය කඩකරන්නගේ වර්ධනයක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
තවදුරටත් එම ප්‍රදේශවල විශේෂ පොලිස් මෙහෙයුම් සිදුකිරිමට උපදෙස් ලබා දි ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.
තමන්ගේ මිතුරන් හෝ නොහඳුනන කිසිදු පුද්ගලයෙකුට සිය නිවසේ නවාතැන් ලබා දිමට හෝ රඳවා තබා ගැනීමට කටයුතු නොකරන ලෙසද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



