කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට ඊයේ (01) හඳුනාගත් පිරිසෙන් 18 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ තවත් පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමඟ සමීප සබඳතා පැවැත් වු අය වන බවයි.
උතුරු ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු ද ඊයේ හදුනාගත් පිරිස අතර වෙයි.
සෙසු පුද්ගලයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක සේවකයෙකු වන අතර ඔහු නාවික හමුදා කඳවුර වෙත ඔක්සිජන් ටැංකි සැපයීමට සම්බන්ධ වූවෙකු බවට අනාවරණය වී තිබේ.



