ව්‍යාජ මුදල් නෝට්ටු 52ක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද(02) අත්අඩංගුවට ගත් බව සූරියවැව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි 23 සහ 33 හැවිරිදි දෙදෙනකු බව සඳහන්.
සූරියවැව වීරියගම හන්දිය අසල පොලිස් මාර්ග බාධකයේදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගෙන තිබිණ.
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 50ක් සහ රුපියල් දහසේ මුදල් නෝට්ටු 2ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත්වූහ.



