මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 702ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද (02) තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හමුවීමත් සමඟයි.
අද දිනයේ කොරෝනා ආසාදිතයින් දසදෙනෙක් සුවය ලැබු අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 172 ක් දක්වා ඉහළ ගියේය.
මේ වන විට පුද්ගලයින් 523 දෙනෙක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.



