බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
බස්නාහිර හා දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ද බලාපොරොත්තු විය හැකියි.



