දිස්ත්‍රික්ක කීපයකට දැඩි උණුසුම් කාලගුණයක්

Share

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම අද (03) දිනයේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

විශේෂයෙන් පුත්තලම, අනුරාධපුර, මන්නාරම, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41ත් 54ත් අතර දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය මිනිස් සිරුරට දැනෙන උණුසුම අනතුරුදායක මට්ටමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව කාලගුණ බලධාරින් පෙන්වා දෙයි.

මීට අමතරව දකුණ, සබරගමුව පළාත් වල සහ කුරුණෑගල, පොලොන්නරුව, මොණරාගල සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ත් අතර වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහල යා හැකි බව සඳහන්ය.

 

Read more

Local News