මිහින්තලේ පොලිස් වසමේ මිහින්තලේ අනුරාධපුර මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේදී ඊයේ(04) සවස සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මිහින්තලය දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ අබේපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුර අත්අඩංගුවට ගෙන ඇති අතර මිහින්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



