ඉරුදින ප්‍රහාරයට අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන අද අධිකරණයට කරුණු දක්වයි

Share

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ(03) අත්අඩංගුවට ගත් සැකකරුවන් ගැන අද(04) දිනයේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයන්ට අදාළව සිදු කරනු ලැබු විමර්ශනවලදී කල්පිටිය ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්විය.

මුන්දලම පොලිස් වසමේ මදුරංකුලිය ප්‍රදේශ‍යේ පවත්වා ගෙන යනු ලැබු පුහුණු මධ්‍යස්ථානයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේ දී සොයා ගනු ලැබීය.

එහි තිබී සැකකටයුතු පොත් පත් හා ලිපි ලේඛන ගණනාවක් සොයා ගෙන තිබේ.

එම ස්ථානයට පොලීස් ආරක්ෂාව යෙදවීමට මේ වන විට කටයුතු යොදා ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අද දිනයේ දී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News