ඇඳිරි නීති කාලසීමාවේදී ශ්රී පාදස්ථානය වෙත ගමන් කිරීමට උත්සාහ කළ බවට අත්අඩංගුවට ගත් අකුරැස්ස ප්රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
ලොරි රථයකින් පැමිණ සිටි අදාල පිරිස මස්කෙළිය, මාවුස්සාකැලේ පොලිස් මාර්ග බාධකයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ශ්රී පාදස්ථානයට යාමේ අරමුණින් ලොරි රථයකින් පැමිණ සිටි මොවුන් සතුව ඇදිරි නීති බලපත්රයක් නොතිබූ බව වාර්තා වෙයි.
ඔවුන් පොලිස් ඇප මත මුදා හැරීමට මස්කෙළිය පොලිසිය පියවර ගෙන ඇති අතර සැකකරුවන් පැමිණි ලොරි රථය තවදුරටත් පොලිස් භාරයේ පවතී.



