ජපානයේ හදිසි තත්ත්වය තවදුරටත්

Share

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ජපානය තුළ ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කර තිබේ.

 

ජපානයට පනවා තිබූ හදිසි තත්ත්වය අනිද්දා දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණද සෞඛ්‍ය අංශවල උපදෙස් මත හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට එරට අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය අප්‍රේල් මස 7 වනදා ටෝකියෝ ඇතුළු නගර කිහිපයක් සදහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර අනතුරුව එය රට පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය.

ජපානයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 14,877 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 487ක්.

Read more

Local News