කොරෝනා වෛරස වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑම් ඇති වී තිබෙන ව්‍යාපාර ආයතන පිළිබඳ තොරතුරු ලබා ගැනීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.
එය මැයි මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා නිවේදනය කරයි.
තම ආයතන පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව ඉතා යහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවිය වන www.labourdept.gov.lk වෙත පිවිසීමෙන් මේ සඳහා ප්‍රතිචාර දැක්විය හැකි බව ද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.



