අද කාලගුණය මෙන්න

Share

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ, දකුණු ‍සහ ඌව පළාත්වලට වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මෙම තත්ත්වය මඩකලපුව, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින්න තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම හා යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප‍්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන ‍විට අකුණු මඟින් ඇති වෙන තාවකාලික තද සුළං ද ඇති වෙයි.

Read more

Local News