ගාල්ලේ කඩසාප්පු පෙළක ගින්නක්

Share

ඊයේ (04) රාත්‍රියේ ගාල්ල පොලිස් වසමේ ගාල්ල නග‍රයේ ඇති කඩ සාප්පු පෙළක ගින්නක් ඇති වී ඇති බවට ගාල්ල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

 

ඒ අනුව ගාල්ල පොලීසිය, ගාල්ල නගර සභා ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිමා දමා තිබේ.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් කඩ සාප්පු 8 ක් ගිනි ගෙන ඇති බව පොලීසිය පවසයි.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.

Read more

Local News